ඔබේ හිමිකම ආරක්ෂා කරදෙන “කේවියට්” | “Caveat” that protects your rights | உங்கள் உரிமையை பாதுகாக்கும் "Caveat"


ඔබේ හිමිකම ආරක්ෂා කරදෙන “කේවියට්”

හැඳින්වීම

“Law helps the vigilant, not the sleepy”

ඉහත දක්වා ඇති සාධාරණත්ව ආප්තය මඟින් නීතිය අවදිව සිටින්නා සුරකින බවත් නිදා සිටින්නා නොරකින බවත් පැහැදිලි වේ.ඒ අනුව ගත් කල්හී තමාට හිමිකමක් භුක්තියක් සහිත ඉඩමක් ලියාපදිංචි කර ගැනීම හරහා තම අයිතිවාසිකම් මත අවදිව සිටීමෙන් තමා සතු දේපළ සුරක්ෂා කර ගත හැක.ලෝකයේ ප්‍රධාන වශයෙන් ඉඩම් ලියාපදිංචි කිරීමේ ප්‍රභේදයන් ද්විත්වයක් දැකගත හැකිය.එනම් ලේඛන ලියාපදිංචි කිරීම හා හිමිකම් ලියාපදිංචි කිරීමයි.

කේවියට් තහනම පිළිබඳ සාකච්ඡාවේදී ඉහත දක්වා ඇති ප්‍රභේදයන් ද්විත්වයෙන් ලේඛන ලියාපදිංචි කිරීම දැක්වීම වැදගත් වේ.ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 1927 අංක 23 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත මේ සම්බන්ධයෙන් අදාළ වන නෛතික බලධාරී මුලාශ්‍රයයි.මෙහි 32 (1) උප වගන්තිය හරහා කේවියට් යන්න අර්ථකථනය කරනු ඇත.එනම් “ඕනෑම පුද්ගලයෙකුට, කිසියම් වූ හිමිකමක් පවතින හෝ යම් ආකාරයක උනන්දුවක් දක්වන යම් ඉඩමක් අරඹයා, එම ඉඩම මතට ලේඛනයක් ලියාපදිංචි වීම සඳහා පැමිණි විට ඒ පිළිබඳව නොතීසියක් මාර්ගයෙන් තමා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමින් සිදු කළ හැකි අයාචනයකි.”. ‘කේවියට්’ යන වදන ‘let him beware’යන ලතින් වදනින් බිඳී ආවකි.

මෙහිදී කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ අරමුණු තාර්කික දෘෂ්ටිකෝණයෙන්(Rationale)දැක්වීමක්ද, කේවියට් තහනමක් පිළිබඳ ප්‍රායෝගික කාර්යපටිපාටිය මනාව විස්තර කිරීමක් ද, කේවියට් තහනම සම්බන්ධව අධිකරණ නඩු තීන්දු හරහා විනිසුරුවන්ගේ අදහස් මෙන්ම, වෙනත් රටවල කේවියට් තහනම සම්බන්ධ තත්වයද,කේවියට් තහනම සම්බන්ධ ගැටලුද , මෙම තහනම සම්බන්ධ නූතන ප්‍රවණතා හා ක්‍රියාත්මක කළ හැකි යෝජනාද මේ ලිපිය හරහා ඉදිරිපත් කෙරෙයි.

කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ අරමුණු තාර්කික දෘෂ්ටිකෝණයෙන් (Rationale)

යම් ඉඩම් දේපළකට ඍජුව හෝ වක්‍රව යම් බැඳියාවක් උනන්දුවක් දක්වන පුද්ගලයකුට එම දේපළට අගතියක් වීම වැළැක්වීමට යොදාගත හැකි එක් ක්‍රමයක් වනුයේ, එම දේපළ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ස්ථානයේ කේවියටය සටහන් කිරීමය.මෙය එක්තරා ක්‍රමයක අනතුරු ඇඟවීමක් ලෙස සැළකිය හැකිය.මෙම කේවියටය දැන්වීමක් ස්වරූපය ගන්නා අතර එය ඉදිරිපත් කරන තැනැත්තා කේවියට්කරු වශයෙන් නම් කරනු ලැබේ.අදාළ ඉඩම් දේපළ පිළිබඳ පැහැදිළි සහ නිශ්චිත විස්තරයක් කේවියට් තහනම ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කළ යුතුය.කේවියටය අදාළ දේපළ ලියාපදිංචි වී ඇති ස්ථානයට සම්බන්ධව ලියාපදිංචි වීම වැදගත් වේ.එසේ නොවීමේදී කේවියටයෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵල නොලැබේ.

මෙම කේවියටය දෙයාකාරයකින් ප්‍රයෝජනවත් වේ.එනම් එය යම් ඉඩම් දේපළක් මිලදී ගැනීමට අපේක්ෂිත පුද්ගලයා ආරක්ෂා වීම සහ යම් ඉඩම් දේපළක් විකිණීමට උනන්දුවක් දක්වන පුද්ගලයාට එම දේපළට අගතියක් වීම වැළක්වීමටය.වක්‍රාකාර ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමෙන් කේවියට් මඟින් ඉඩම් දේපළකට සිදුවිය හැකි අගතිය වළක්වා ගැනීම සිදුවේ.කේවියටය ලියාපදිංචි කළ දේපළක් සම්බන්ධව ලේඛනයක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ විට කේවියට්කරුට දැනුම් දෙනු ඇත.

මෙහිදී කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමක් තුල පවතින තාර්කික අවශ්‍යතාවය කුමක්ද යන්න දැක්වීම වැදගත්ය.නිශ්චල දේපළක් අත්පත් කරගත් පසු එහිම භුක්තියේ පිහිටා සන්තකය ආරක්ෂා කර ගැනීම සාම්ප්‍රධායික හිමිකමයි.එහෙත් වත්මන් සමාජයෙහි කාර්යබහුල සංකීර්ණත්වය හේතුවෙන් තමාට අයත් නිශ්චලමය දේපළක් සම්බන්ධයෙන් පැය විසි හතර පුරාවට නෙත් යොමා ආරක්ෂා කර ගැනීම කළ නොහැකිය.විටෙක තමන්ට අයත් දේපළ බොහෝ දුර බැහැර ප්‍රදේශයක තිබීමට හැකිය.එසේම අදාළ නිශ්චල දේපළ වෙනත් රටක තිබීමටද හැකිය.එවන් විටක තමාට අයත් දේපළ ආරක්ෂා කර ගන්නේ කෙසේද යන තාර්කික ගැටලුව පැන නගී.එම තාර්කික ගැටලුවට පිළියමක් වශයෙන් කේවියට් තහනම පවතී.

ඒ අනුව ගත් කල්හී කේවියට් තහනම යනු හිමිකාරීත්වයට ඇති ආරක්ෂාකාරී ප්‍රවේශයකි. 1927 අංක 23 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා අදාළ ඉඩම පිළිබඳ හිමිකාරීත්වයක් නොදරන එහෙත් උනන්දුවක් දක්වන්නාවූ ඕනෑම පාර්ශවයකට කේවියට් ලියාපදිංචියක් සිදු කිරීමට අවකාශය සලසා දෙයි.මෙහි තාර්කික පදනම කුමක්ද යන්න අප සාකච්ඡා කළ යුතුය.මෙම කුලකයට අන්තර්ගත වන පාර්ශවකරුවෝ කවුරුන්ද යන පැනයට අදාළ ප්‍රායෝගික ක්‍රියාවලිය තුළම නිදසුන් සපයා දෙයි.එනම් බොහෝ දුරට මෙවන් කේවියට් ලියාපදිංචි කිරීම් කරනුයේ තමන් සතුව යම් ශේෂ අයිතියක්, හවුල් අයිතියක්, තමාට විකිණීමට වූ පොරොන්දුවක්,උකසක්,බද්දක් වැනි ශේෂ අයිතියක්, සින්න වීමට හෝ අයිතියක් බවට පත් වීමට කරුණු යෙදී ඇති අවස්ථාවකදීය.

සුලභ ලෙස මෙවන් කේවියට් තහනම් ලියාපදිංචි කරනුයේ ඉඩමක් විකිණීමට යම් කෙනෙකුට ලිඛිත පොරොන්දුවක් දී ඇතැම් විට අත්තිකාරම් මුදලක්ද ගෙන එම ඉඩම් තවත් කෙනෙකුට විකිණීමට යන අවස්ථාවේදීය.පෙර පොරොන්දු ලැබූ පුද්ගලයා පොරොන්දුවෙන් තමන්ට ඇති අයිතිය මත  කේවියට් තහනම් නියෝගය දමයි.

එමෙන්ම කේවියට් තහනමක් මඟින් අදාළ ඉඩම පිළිබඳ භුක්තියේ රැදී සිටින පාර්ශවයක් විසින්(බදු ගැණුම්කරුවන්) යම් ආකාරයක බලපෑමක් හිමිකාරිත්වය සඳහා කරනු ලැබුවේද යන්න පිළිබඳ අවධියෙන් සිටීමට අදාළ ඉඩමේ හිමිකරුට අවස්ථාව ලබාදෙයි.

ඒවාගේම බූදල් නඩුවක් පවරා ඇති විටෙක ඒ පිළිබඳව දැන්වීම් පුවත් පත් වල පල කිරීමෙන් පසුව අවසාන විභාගයට පෙර ඕනෑම අවස්ථාවකදී,මියගිය අයගේ බූදලයට යම් සම්බන්ධතාවයක් ඇති තැනැත්තකු විසින් බූදල් නඩුව සම්බන්ධ පෙත්සමේ සඳහන් ඉල්ලීම් වලට විරුද්ධව කේවියට් තහනමක් ඉදිරිපත් කරමින් බූදල් නඩුවට මැදිහත් විය හැක.එසේ මැදිහත් වීමට බූදලයට සම්බන්ධතාවයක් දක්වන ඕනෑම පාර්ශවයකට හැකියාවක් ඇත.ඒ අනුව බලන විට බූදල් නඩු සම්බන්ධ නෛතික තත්වය තුල කේවියට් අයිතිවාසිකමේ තාර්කික යෙදීම ඉහත අවස්ථාව තුළින්ම මනාව පිළිඹිබු වේ.

අනෙක් අතට භුක්තියක රැදීසිටින පාර්ශවය අඛණ්ඩ නිර්බාධි භුක්තියක් සම්පුර්ණ කොට ඇතිවිටෙක (කාලාවරෝධයෙන් භුක්තිය තහවුරු කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාර්ශවයක්), අදාළ ඉඩමේ හිමිකරු විසින් එම දේපළ බැහැර කිරීමක් සිදු කරන්නේද, යන්න පිළිබඳව සක්‍රීය අවධානයක් තබාගැනීමට අදාළ භුක්තික පාර්ශවය වෙත අයිතිවාසිකම ලබාදෙනු ලබයි.එහිදී දේපළේ භුක්තිය දරන අදාළ භුක්තික පාර්ශවය විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ ආයතනය වෙත ගොස් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහිතව අදාළ ඉඩම යටතේ කේවියට් ලියාපදිංචිය සිදුකල යුතුවේ. එවිට අදාළ ඉඩම සම්බන්ධයෙන් සිදුවන යම් ලේඛන ලියාපදිංචියක් පිළිබඳව අදාළ බලධාරී ආයතනය විසින් සාධාරණ කාලයක් තුල ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් භුක්තියේ රැදී සිටින අදාළ කේවියට් තහනම ලියාපදිංචි කළ පාර්ශවය වෙත දැනුම් දීම සිදු කරනු ලබයි.

යම් ලෙස ඉඩම් දේපළේ හිමිකාරීත්වය දරන පාර්ශවය අතින් දේපළෙහි හිමිකාරීත්වය සනාථ කරන ඔප්පුව අස්ථානගත වුවහොත් එම ඉඩම සම්බන්ධයෙන් වංචනික හා කුඨ ලේඛන නිර්මාණය වේද යන්න පිළිබඳ දැනගැනීමට කේවියට් තහනම ඉවහල් වේ.

කේවියට් තහනමක් පනවන අවස්ථාවේදී තමා එම ඉල්ලීම කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සාධාරණීකරණයක්ද කළ යුතු වේ.එය සාධාරණ යැයි ඉඩම් ලියාපදිංචි ලේඛම්වරයාට ඒත්තු යන්නේ නම් එම තහනම ලියාපදිංචි කරනු ඇත.එවන් තහනමක් පනවා ඇති විටෙක යම් කෙනෙකු එය  නොතකා එම ඉඩම මිලදී ගැනීමක් කරනු ලැබුවහොත් අදාළ පුදගලයා එය සිදු කරනුයේ කේවියට් තහනම දැනුවත්ව හෙයින් එම තහනම දැමූ පුද්ගලයා සමඟ යම් නීතිමය හබයක් ඇති වුවහොත් දැනුම් දීමේ වාසිය එකී කේවියට් තහනම කළ පුද්ගලයාට ලැබේ.

සාමාන්‍යයෙන් කේවියට් තහනමක් දමා ඇති විටක එවන් දේපළක් යම් කෙනෙකු මිලදී ගනු ලබනුයේ එම තහනම අවලංගු කර ගැනීමෙන් පසුවය.බොහෝ ප්‍රශ්න මත පුද්ගලයන් විසින් මෙම කේවියට් තහනම පනවනු ලැබේ.එහෙත් අයිතිකරු සමඟ එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමෙන් පසු කේවියට් තහනම බොහෝ දුරට ඉවත් කරගැනීමට කැමති වනු ඇත.


“Caveat” that protects your rights

Introduction

“Law helps the vigilant, not the sleepy”

The above statement suggests that one who is aware of the law is protected by it and those who have no regard for it are not. Accordingly, when registering a land, for which you have the right to enjoyment, complying with the law and knowing your rights will benefit you when safeguarding such land. There are two ways in which land can be registered. One is through registration of documents and the other is through registration of rights.

When discussing the concept of caveat warnings, registration of documents mentioned above will be of importance. The Registration of Documents Ordinance No. 23 of 1972 is the main legal resource for this purpose. Article 32 (1) defines a caveat. It states that “Any person (in this Ordinance called a ‘caveator’) may present for registration a caveat in the prescribed form of requiring to be served with notice of the presentation for registration of any instrument affecting land described in that caveat”. The term ‘caveat’ is derived from the Latin phrase ‘let him beware’.

In this article an analysis of the rationale behind registering a caveat warning, the practical applicability of a caveat warning, the view of the judges in cases involving caveat warnings, the status of caveat warnings in other States, problems regarding the caveat warning and new trends and developments that can be taken in this aspect will be discussed in detail.

The rationale behind registering a caveat warning

One way for an individual with direct or indirect interest in a land, in order to prevent it from any harm, is to issue a caveat in the place of  registration in the said office of property and land registration.  This can be seen as a warning mechanism. The caveat is displayed in the form of  a notice and the person who releases it is known as a ‘caveator’. When registering a caveat warning a clear and detailed description of the relevant land must be included. It is also important that the caveat should be registered in the same place that the land has been registered. If not the expected result may not be able to be achieved.

A caveat may be of importance in the following two ways. The first being that the expected buyer of the land is protected and the second is that the seller of the land is protected from any harm happening to his property. In using a caveat to its full potential, the harm caused to the land can be prevented. When a document for a property which has a registered caveat is brought to be registered, the caveator will inform the relevant parties about it.   

In such a case, valid arguments need to be set forth regarding the need for registration of a caveat warning. Traditionally, the person who owns immovable property has the right protect it whilst inhabiting in it itself. However, in the modern context, with the extremely busy lifestyle that the people are accustomed to, it is impossible to watch over a property all the time. In some cases the property may be in distant places or even in a different country. In such a situation the problem of how to protect the land arises and issuing a caveat warning is the given solution to it.

Moreover, a caveat warning is seen as a protective measure of a person’s rights. No. 23 of the Registration of Documents Ordinance of 1972 ensures that a person who has no right of ownership over a land but yet would like to invest in one, has the ability to register for a caveat warning as well. Let us look into the rationale behind this. The practical exercise for deciding who the relevant parties are in such an issue, has the solution embedded within itself. Essentially a caveat is registered at an instance when there is individual ownership, shared ownership, promise to sell, pawning etc.
Caveats are registered commonly in a situation in which a promised land is to be sold to another party by acceptance of an advanced payment.  The person, to whom the land was initially to be sold, has the ability to get a caveat warning as that is his right. This person also has the ability to restrict the owner of the land from causing any issues when getting a caveat warning.

In a case where a person dies interstate, the court will publish a notice on the newspapers requesting anyone who has the right of succession to appear before courts. Such a person has the right to issue a caveat warning for the deceased person’s property. Therefore, in cases regarding a intestate succession, the rationale behind issuing a caveat warning is clearly portrayed.

Moreover when a party using a certain land for a specific time period (and wishes to get complete acquisition of it after the said time period) has the right to be informed by the owner of the land, if he/she decides to sell any property within the land. The former party then may go, with two witnesses and get a caveat warning registered regarding the property. This party will then be informed of any registration of documents taking place regarding this property.

A caveat warning is also important in a circumstance where the deed regarding a property is misplaced. Then the party that has the legal ownership of the property will be notified of any fraudulent or illegal documentation taking place in relevance to that said land.

When issuing a caveat warning, the party has to be able to give substantive reasons for requesting the warning. If the relevant authorities accept the reasons given the caveat will be registered. When a person tries to sell that land, with disregard for the warning, it is assumed that he does know of the warning and therefore when there is a legal clash between the two parties, the party that registered the warning will have the advantage of notifying the relevant authorities. Normally, a land to which a caveat warning has been issued, is sold after the warning is legally removed.

A caveat warning is issued due to many factors. However, it can be removed after coming into a settlement through discussion with the owner of the land.

உங்கள் உரிமையை பாதுகாக்கும் "Caveat"

அறிமுகம்

"சட்டம் விழிப்புடன், தூக்கமில்லாதது அல்ல"

சட்டத்தை அறிந்த ஒருவர் அதைப் பாதுகாக்கிறார், அதைக் கருத்தில் கொள்ளாதவர்கள் அல்ல என்று மேற்கூறிய அறிக்கை தெரிவிக்கிறது. அதன்படி, ஒரு நிலத்தை பதிவு செய்யும் போது, ​​அதில் நீங்கள் அனுபவிக்கும் உரிமையைக் கொண்டிருப்பதுடன், சட்டத்தை கடைப்பிடித்து, அத்தகைய நிலத்தை பாதுகாக்கும்போது உங்கள் உரிமைகள் உங்களுக்குத் தெரியும். நிலத்தை பதிவு செய்யக்கூடிய இரண்டு வழிகள் உள்ளன. ஒரு ஆவணங்கள் பதிவு செய்யப்படுவதன் மூலமாகவும், மற்றொன்று உரிமைகள் பதிவு செய்வதன் மூலமாகவும் ஆகும்.

எச்சரிக்கை எச்சரிக்கையைப் பற்றி விவாதிக்கும்போது, ​​மேலே குறிப்பிட்டுள்ள ஆவணங்களின் பதிவு முக்கியத்துவம் வாய்ந்ததாக இருக்கும். 1972 ஆம் ஆண்டின் 23 ஆம் இலக்க 23 ஆம் இலக்க ஆவணங்கள் கட்டளைச் சட்டமூலம் இந்த நோக்கத்திற்கான முக்கிய சட்ட ஆதாரமாகும். கட்டுரை 32 (1) ஒரு எச்சரிக்கையை வரையறுக்கிறது. "எந்தவொரு நபரும் (இந்த கட்டளையில் ஒரு 'கவேத்தர்' என்று அழைக்கப்படுதல்) ஒரு எச்சரிக்கையுடன் பதிவு செய்யப்படலாம். அந்த விவகாரத்தில் விவரிக்கப்பட்ட நிலத்தை பாதிக்கும் எந்தவொரு கருவியையும் பதிவு செய்வதற்கான விளக்கக்காட்சியை வழங்குவதற்கு தேவைப்படும்". 'Caveat' என்ற வார்த்தை லத்தீன் சொற்றொடரிடமிருந்து பெறப்பட்டது, 'அவரை எச்சரிக்கவும்'.

எச்சரிக்கைகள், எச்சரிக்கைகள் சம்பந்தப்பட்ட வழக்குகளில் நீதிபதிகளின் பார்வை, எச்சரிக்கைகள் மற்ற மாநிலங்களில் எச்சரிக்கைகள், எச்சரிக்கைகள் மற்றும் புதிய போக்குகள் பற்றிய பிரச்சினைகள் ஆகியவற்றைப் பற்றிய விழிப்புணர்வு, இந்த அம்சத்தில் எடுக்கப்பட்ட முன்னேற்றங்கள் விரிவாக விவாதிக்கப்படும்.

ஒரு எச்சரிக்கை எச்சரிக்கையை பதிவு செய்வதற்கான காரணம்

ஒரு நிலத்தில் நேரடி அல்லது மறைமுக வட்டி கொண்ட ஒரு நபருக்கு எந்தத் தீங்கும் இல்லாமல் தடுக்க ஒரு வழி, சொத்து மற்றும் நிலப் பதிவுகளின் அலுவலகத்தில் பதிவு செய்யும் இடத்தில் ஒரு எச்சரிக்கையை வெளியிடுவதாகும். இது ஒரு எச்சரிக்கை நுட்பமாகும். இந்த எச்சரிக்கையை ஒரு அறிவிப்பு வடிவில் காட்டப்படுகிறது மற்றும் வெளியீட்டை வெளியிட்ட நபரை 'கவேத்தர்' என்று அழைக்கிறார்கள். ஒரு எச்சரிக்கையை பதிவு செய்யும் போது, ​​சம்பந்தப்பட்ட நிலத்தின் தெளிவான மற்றும் விரிவான விளக்கம் சேர்க்கப்பட வேண்டும். நிலம் கையகப்படுத்தப்பட்டுள்ள அதே இடத்தில்தான் இந்த எச்சரிக்கையை பதிவு செய்வது முக்கியம். எதிர்பார்த்த விளைவை அடைய முடியாவிட்டால்.

ஒரு எச்சரிக்கையை பின்வரும் இரண்டு வழிகளில் முக்கியத்துவம் வாய்ந்ததாக இருக்கலாம். முதலாவதாக, எதிர்பார்க்கப்படும் வாங்குபவர் பாதுகாக்கப்படுகிறார், இரண்டாவதாக, விற்பனையாளர் நிலம் தனது சொத்துக்களுக்கு எந்த தீங்கும் விளைவிக்காமல் பாதுகாக்கப்படுகிறது. அதன் முழு ஆற்றலுக்கும் ஒரு எச்சரிக்கையைப் பயன்படுத்துவதன் மூலம், நிலத்திற்கு ஏற்படும் தீங்கு தடுக்கப்படலாம். பதிவுசெய்யப்பட்ட ஒரு எச்சரிக்கையை வைத்திருக்கும் ஒரு ஆவணம் பதிவு செய்யப்படும்போது, ​​அந்தக் கமிட்டி அதை சம்பந்தப்பட்ட கட்சிகளுக்கு தெரிவிக்கும்.


அத்தகைய ஒரு வழக்கில், ஒரு எச்சரிக்கை எச்சரிக்கையை பதிவு செய்வதற்கான தேவையைப் பற்றி சரியான வாதங்கள் அமைக்கப்பட வேண்டும். பாரம்பரியமாக, அசையாச் சொத்துகளை வைத்திருக்கும் நபர் அதைப் பாதுகாக்கும் உரிமையைக் கொண்டிருக்கிறார். எனினும், நவீன சூழலில், மக்கள் பழக்கமாகிவிட்ட மிக பிஸியாக வாழ்க்கைமுறையுடன், எப்பொழுதும் ஒரு சொத்துக்களை பார்க்க முடியாது. சில சமயங்களில் சொத்து வேறு நாடுகளில் அல்லது தொலைதூர இடங்களில் இருக்கலாம். அத்தகைய சூழ்நிலையில் நிலத்தை எவ்வாறு பாதுகாப்பது மற்றும் எச்சரிக்கை எச்சரிக்கையை வெளியிடுவது என்பது கொடுக்கப்பட்ட தீர்வு ஆகும்.

மேலும், ஒரு எச்சரிக்கையுடன் எச்சரிக்கை ஒரு நபரின் உரிமைகள் பாதுகாப்பான நடவடிக்கை என்று கருதப்படுகிறது. 1972 ஆம் ஆண்டின் 1972 ஆம் ஆண்டிற்கான ஆவணங்கள் கட்டளைச் சட்டத்தின் 23 ஆம் இலக்கத்தில், ஒரு நிலத்தில் உரிமையற்ற உரிமையைக் கொண்டிருக்கின்ற, ஆனால் ஒரு முதலீட்டில் முதலீடு செய்ய விரும்பும் ஒரு நபருக்கு எச்சரிக்கையுடன் எச்சரிக்கையுடன் பதிவுசெய்வதற்கான திறனைக் கொண்டுள்ளது. இதற்கு பின்னால் உள்ள நியாயத்தை ஆராய்வோம். சம்பந்தப்பட்ட கட்சிகளுக்கு அத்தகைய ஒரு பிரச்சினையில் யார் தீர்மானிக்கிறாரோ அந்த நடைமுறை பயிற்சி, அதற்குள்ளேயே உட்படுத்தப்பட்ட தீர்வைக் கொண்டுள்ளது. தனிப்பட்ட உரிமையும், பகிர்வு உரிமைகளும், விற்கவும், பணம் செலுத்துவது,

ஒரு மேம்பட்ட கட்டணத்தை ஏற்றுக்கொள்வதன் மூலம் வாக்குறுதியளிக்கப்பட்ட நிலம் மற்றொரு கட்சிக்காக விற்பனை செய்யப்படும் சூழலில் பொதுவாகவே பதிவு செய்யப்படுகிறது. நிலம் ஆரம்பத்தில் யாருக்கு விற்பனையானதோ அந்த நபருக்கு, அது அவரது உரிமையின் ஒரு எச்சரிக்கையைப் பெறும் திறனைக் கொண்டுள்ளது. எச்சரிக்கையைப் பெறும் போது எந்தவொரு பிரச்சினையும் விளைவிப்பதன் காரணமாக நிலத்தின் உரிமையாளரைத் தடுக்கக்கூடிய திறனை இந்த நபர் கொண்டுள்ளது.

ஒரு நபர் ஒருவருக்கு மரணதண்டனை விதிக்கப்படும் ஒரு வழக்கில், நீதிமன்றங்கள் முன் தோன்றும் அடுத்தடுத்து வரும் உரிமையைக் கொண்ட அனைவருக்கும் வேண்டுகோள் விடுக்கும் பத்திரிகைகளில் நீதிமன்றம் ஒரு அறிவிப்பு வெளியிடும். இறந்தவர் ஒருவரின் சொத்துக்கான எச்சரிக்கையை வெளியிடுவதற்கான உரிமை அவருக்கு உள்ளது. ஆகையால், ஒரு குட்டிச் சந்திப்பு தொடர்பான வழக்குகளில், எச்சரிக்கை எச்சரிக்கையை வெளியிடுவதற்கு பின்னால் உள்ள விதிமுறை தெளிவாக சித்தரிக்கப்பட்டிருக்கிறது.

மேலும் ஒரு குறிப்பிட்ட நிலப்பகுதிக்கு ஒரு குறிப்பிட்ட நிலத்தை (மற்றும் குறிப்பிட்ட காலத்திற்குப் பிறகு முழுமையான கையகப்படுத்தல் பெற) ஒரு கட்சி நிலத்தை உரிமையாளரால் தெரிவிக்க உரிமை உண்டு, அவர் / அவள் எந்த சொத்தையும் விற்க முடிவு செய்தால் நிலம் உள்ள. முன்னாள் கட்சி பின்னர், இரண்டு சாட்சிகள் மற்றும் சொத்து தொடர்பான பதிவு எச்சரிக்கையை பெறலாம். இந்தச் சொத்து பற்றிய ஆவணங்களைப் பதிவு செய்வதன் மூலம் இந்த விவகாரத்தை அறிவிப்பார்.

ஒரு சொத்து தொடர்பான செயலை தவறாகக் கொண்ட ஒரு சூழ்நிலையில் ஒரு எச்சரிக்கை எச்சரிக்கை முக்கியமானதாகும். பின்னர் சொத்து சட்டபூர்வமான உரிமையைக் கொண்ட கட்சி எந்த நிலப்பரப்பு அல்லது சட்டவிரோத ஆவணமாக்கலுக்கும் தெரிவிக்கப்படும்.

ஒரு எச்சரிக்கை எச்சரிக்கை விடுக்கும்போது, ​​எச்சரிக்கையை கோருவதற்கு கட்சிக்கு முக்கிய காரணங்களைக் கொடுக்க முடியும். சம்பந்தப்பட்ட அதிகாரிகள் ஏற்றுக் கொண்டால், இந்த எச்சரிக்கைகள் பதிவு செய்யப்படும். ஒரு நபர் அந்த நிலத்தை விற்க முயற்சிக்கும்போது, ​​எச்சரிக்கைக்கு புறக்கணித்துவிட்டு, எச்சரிக்கையை அவர் அறிந்திருக்கிறார், எனவே இரு கட்சிகளுக்கிடையில் சட்டரீதியான மோதல் ஏற்பட்டால், எச்சரிக்கையை பதிவு செய்யும் கட்சி அறிவிப்புகளின் நலன்களைக் கொண்டிருக்கும் சம்பந்தப்பட்ட அதிகாரிகள். பொதுவாக, எச்சரிக்கை சட்டபூர்வமாக அகற்றப்பட்ட பிறகு எச்சரிக்கை விடுக்கப்பட்ட ஒரு நிலத்தை விற்று விடுகிறார்.
பல காரணங்களால் ஒரு எச்சரிக்கை எச்சரிக்கை விடுக்கப்படுகிறது. இருப்பினும், நிலத்தின் உரிமையாளருடன் கலந்துரையாடுவதன் மூலம் ஒரு தீர்வுக்கு வந்த பின்னர் அகற்றப்படலாம்.



Written by Manushika Kasuni Cooray and Kushan Sachintha Karunarathna

මනූෂිකා කසූනි කුරේ සහ කූෂාන් සචින්තා කරුණාරත්න  විසින් ලියන ලදී

குஷான் சாந்திந்த கருணாரத்ன மற்றும் மனசுக கஸுனி கோரே ஆகியோரால் எழுதப்பட்டது

Comments

Popular posts from this blog

Aspire: Empowerment with Sustainability

Matha: Awareness on Post-partum Depression

GreeNation: The Firstever Rotaract Rainforest